මහා පරිමාණයේ සයිබර් අපරාධයකට සැරසුණු චීන්නු පිරිසක් මාට්ටු

චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙක් විසින්, මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන, රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ඊයේ (19) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි ගුවන් මගීන් තිදෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඊයේ දින රාත්‍රී 06.43 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .

එහිදී මොවූන් තිදෙනා අතරින් පළමුවෙන්ම කටුනායක ගුවන් තොටුපොළ “හරිත මාවත ” වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා විසින් , ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර , රැගෙන පැමිණි කලු පැහැති “ටියුලිප්” වර්ගයයේ පොලිතීන් බෑගය පිළිබද සැක සිතූ රේගු නිලධාරීන්, එය පරීක්ෂා කිරීමේදී, ටොෆී , චොකලට් අතර සගවා ගෙන තිබූ, මෙම ජංගම දුරකථන තොගයෙන් පළමු කොටසක් සොයා ගෙන තිබෙනවා.

ඉන්පසුව ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී , ඔහු ඇද සිටි ඇදුමට යටින්, විශේෂයෙන් සකස් කළ ජැකට්ටවක් තුළ ද ,
ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළද  සිටි පාවහන් වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ ද, ජංගම දුරකථන 87 ක් සහ ඒවාට යොදන බැටරි 140 ක් සගවා ගෙන සිටිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40