මහබැංකු පනතට එරෙහිව රතන හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කළා.

සිය නීතිඥවරයා මාර්ගයෙන් අතුරලිය රතන හිමියන් අද (14) පෙරවරුවේ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල අතර,එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර රත්න හිමියන් කියා සිටින්නේ යෝජිත “මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ” අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් එම බැංකුවේ ස්වාධීන භාවයට බරපතල අනතුරක් සිදුවන බවයි.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන අතර ඒ තුළින් අදාළ ආයතනයේ ස්වාධීන භාවය උල්ලංඝනය වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මේ හරහා රට තුළ මූල්‍ය අර්බුද ඇතුළු විවිධාකාරයේ ගැටලු මතු කිරීමට ඉඩ කඩ ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන තුළින් රටේ ස්වෛරී භාවය මෙන්ම භෞමික අඛණ්ඩතාවයටත් පටහැනි බව පෙන්වා දී තිබෙනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4 යන වගන්ති උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන් වෙනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් අද (14) දිනය අවසන් වන විට අධිකරණය හමුවේ පෙත්සම් හයක් ඉදිරිපත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14