මස්සිනාට ගහන්න කැඳවාගත් මිතුරන් දෙදෙනාගෙන් අයෙක් ගම්වාසීන්ගෙන් ගුටි කා මරුට (ඡායාරූප)

පුද්ගලයෙකු තම මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර, බෝධිරාජපුරවත්ත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බොරලැස්ගමුව පොලීසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ප්‍රදේශවාසීන්ගේ පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහරගම, දුම්රියපොළ පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙක්.

දීර්ඝ කාලයක සිට ඥාතීන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් සම්බන්ධයෙන් තම මස්සිනා සමඟ ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඔහුට පහරදීම සඳහා පුද්ගලයෙක් මහරගම සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචි තම මිතුරන් දෙදෙනෙකුට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් මඟින් දන්වා තිබෙනවා.

ඒ, අනුව ඔවුන් සැලසුම්කර ඇත්තේ ඊයේ (23) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා පසුව බෝධිරාජපුර ක්‍රීඩාංගණයට ඥාති මස්සිනා රැගෙන විත් ඔහුට පහරදීමටයි.

කෙසේ වෙතත් මෝදරගේ සුසිත් කුමාර නොහොත් ‘කට්ටා’ නැමැති පුද්ගලයා සමඟ තවත් දෙදෙනෙක් තම ප්‍රදේශයේ පදිංචිකරුවකුට පහරදීම සඳහා සූදානමින් සිටින බවට ප්‍රදේශවාසීන්ට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.

පසුව ඒ පිළිබඳව විමසීම සඳහා ඔවුන් තිදෙනා රැඳී සිටි ක්‍රීඩාංගණය තුළට ප්‍රදේශවාසීන් පිරිසක් ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව එහිදී ඇති වූ බහින්බස් වීම පසු ප්‍රදේශවාසීන් විසින් අදාළ පුද්ගලයින් තිදෙනාට තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, එහිදී ‘කට්ටා’ නැමැති පුද්ගලයා සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මිතුරා ඉන් මිදී පල්ගොස් තිබෙනවා.

මෙම සිද්ධියේදී ප්‍රදේශවාසීන් අතරට කොටු වූ මහරගම ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා පහර කෑමෙන් ඝාතනයට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මහරගම පුද්ගලයා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බව කළුබෝවිල රෝහලේඉ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු කැපුම් තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීමට අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40