මවගෙන් කෝටු පාර කෑ යාපන සිඟිත්තා දරුකමට හදාගන්න ඉල්ලා ඇමතුම් 100ක්

සිය මවගෙන්‌ අඹානුෂික ලෙස පහරකෑමට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ තවමත්‌
ප්‍රතිකාර ලබමින්‌ පසුවන මාස 09 ක්‌ පමණ වයසැති සිඟිති දරුවා දරුකමට හදාවඩා ගැනීමට ඉල්ලීම්‌ කරමින්‌ මෙරට සහ විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකික මවූපියන්ගෙන්‌ යාපනය මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකතනයට මේ වන විට ඇමතුම් හා කෙටි පණිවිඩ සියයකට වැඩි ප්‍රමාණයක්‌ ලැබී ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

චාසනාංචන්ත හුරුබුහුටි දරු පැටවකු බව කියමින්‌ මෙම ඉල්ලීිම්කර ඇත්තේ දරුවන්‌
නොමැති මව්පියන්‌ බවද කියති. ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙ දුරකතනයට වැඩිම ඉල්ලීම් ප්‍රමාණයක් ලැබි ඇති බව කියන්නේ යුරෝපීය රටවල පදිංචිව සිටින ලාංකිකයන්ගෙන් බවද පැවසේ. දරුවකු දරුකමට හදාවඩා ගැනීමට කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පොලිස්‌ පරීක්ෂකවරයා දුරකතන ඇමැතූම්‌ දුන්‌ හා කෙටි පණිවිඩ එවූ සැමට පැහැදිලිකරදී ඇත.

මවගේ අමානුෂික කෝටු ප්‍රහරයකට ලක්‌ වු බව කියන දරුපැටවා මුදාගැනීමට කටයුතු කළ
පොලිස්‌ නිලධාරීන්ට ප්‍රසාදය පළකරමින්‌ කැනඬාවේ පදිංචිච සිටින ශ්‍රී ලංකික අඹු සැමි යුවලක් යාපනය මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරික්ෂක ප්‍රසාද්‌
ප්‍රනාන්දු මහතාට මල්‌ කළඹක්‌ එචා තිබේ. කැනඩාවේ පදිංචිව සිටින මෙම ද්‍රවිඩ ජාතික
අඹුසැමි යුවළ යාපනයේ පදිංචි සොහොයුරා මගින්‌ මෙම මල්‌ කලඹ පොලිස්‌
ස්ථානාධිපතිවරයාට පෙරේදා පිරිනමා ඇත. මේ අතර යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌
සිටින දරුවාගේ ආරක්ෂාවට පොලිස් කොස්ථාපල්‌වරියන් දෙදෙනකු යොදවා තිබෙන
බවද පොලිසිය පැවසීය. ප්‍රතිකාරවලින්‌ පසුව සිණිත්තා පරිවාස බාරයට පත්කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

උතුරු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ යාපනය දිසාබාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ්‌ සේනාරත්න යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටනේ යාපනය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උජිත්‌ ලියනගේ සහ යාපනය සහකාර පොලිස්‌ අධිකාරි අශෝක ගුණසේකර යන මහන්වරුන්ගේ මෙහෙයවීම මත යාපනය මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතා
ප්‍රධාන පොලිස්‌ කණ්ඩායමක්‌ මේ සම්බන්ධයෙන්‌ වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

සසැදි පුවත් – මම මේක වීඩියෝ කරන්න කිව්වේ, මගේ සැමියාට යවන්න

අමානුෂික ලෙස මාස නවයේ බිලින්දාට පහරදුන් මවගෙන් පාපොච්චාරණයක් (වීඩියෝ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09