මන්නාරමේ පාසල් දරුවන්ට විශේෂ ආරක්ෂාවක්

මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වෙතට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙනවා.

පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාළ වෑන් රථය පලා ගොස් තිබු බව අප වාර්තාකරු පැවසුවා.

මේ පිළිබඳව අදාළ පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය , පාසල් විදුහල්පතිවරුන් මන්නාරම පොලීසිය, යුදහමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද සිදුකොට පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කොට තිබෙනවා.

මේ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් වෙතටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුදහමුදාව යොදවා ඇති අතරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.

එමෙන්ම නිවසින් පාසල වෙතට පැමිණෙන විටද බොහෝ සෙයින් තවත් පිරිසක් සමග පැමිණීමට පියවර ගන්නා ලෙසටද එසෙත් නැතිනම් නිවසේ වැඩිහිටියෙකු සමග පාසලට පැමිණෙන ලෙසටය.

කෙසේ වෙතත් පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ ගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18