මන්ත‍්‍රීවරයෙකුට පහර දීමක්.

ඊයේ දින දඹුල්ල මහ නගර සභාවට වසර 10ක් පිරිම නිමෙත්තෙන් දඹුල්ල ගම් උදාව ක්‍රිඩාංගනයේදි පැවැති ක්‍රිකට් තරගය බලන්න පැමිණි මහ නගර සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුට පිරිසක් අසභ්‍ය ලෙසින් බැනවැදී පහරදි මරණ තර්ජන කල බව පවසමින් දඹුල්ල පොලිසිට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ දඹුල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මංත්‍රි ඒ එම් ප්‍රියංග අරුණ කුමාර මහතායි.

ඔහු පවසන අන්දමට මෙම පහර දිම හා බැන වදුන පුද්ගලයින් ප්‍රකාශ කර ඇත්තේ දඹුල්ල නගරයේ පොදු ස්ථාන හා ඇලවල් මත පෙට්ටි කඩ හදා ගැනිමට නගර සභාව ලබාදුන් අවසරය අත්හිටුවන ලෙස පලාත්පාලන ඇමැති වරයා නාගරික සංවර්ධන අමාත්‍යංශය ට ලිපියක් මගින් දන්වා ඇති අතර මෙම පොදු ස්ථාන වල හා ඇලවල් මත පෙට්ටිකඩ හදවාට විරුද්ධ බව තමා පෙන්නවා දුන්නා හැරෙන්න වෙනත් දෙයක් නොකල බවත්ය.

පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසිය විමර්ෂණ ආරභ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?