මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට සභාපති තනතුරක්

ශ්‍රී ලංකා – ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වන පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී ශ්‍රී ලංකා – ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය ද උප සභාපතිවරුන් වශයෙන් රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ තලතා අතුකෝරල සහ වේලු කුමාර් ද තේරී පත්කරගනු ලැබුවා.

මීට අමතරව, මිත්‍රත්ව සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සහ උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ද මෙහිදී තෝරා පත්කරගෙන තිබෙනවා.

රැස්වීම අමතමින් ගරු කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකානු එක්සත් ජනපද අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකානු එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයන්ට ස්තූතිය පළ කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ජූලි චන්ග් අභිනව නිලධාරී මඩුල්ලට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර් සහයෝගීතාව ශක්තිමත් වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08