මධුෂ්ගේ දිවි අහිමි වීම සම්බන්ධ විමර්ශනවලින් ශානි තවදුරටත් ඈතට

පාතාල නායක මාකදුරේ මධුෂ් නමැත්තා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන ඇතුළු සිව්දෙනක් අත්අඩංගුවට ගැනීමෙන් සහ එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීමෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර වළකාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ජූනි 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන ඇතුළු සිව්දෙනක් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය එලෙස දීර්ඝ කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්.ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩලක් හමුවේ පෙත්සම සලකා බැලිණා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇසලම් ද සීල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ශාන්ත ඇතුළු පිරිසක් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ රම්සි බාචා නීතිඥ සමාගම මගින් ගොනුකොට පෙත්සම සඳහන්වේ කොළඹ අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ සිටියදී මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ මරණය සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය යළි විමර්ශන ආරම්භ කර ඇති බවත් රහස් පොලිස් අධ්‍යක්‍ෂවරයා මීට පෙර අවස්ථාවක සියාම් ඝාතන නඩුවේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බවට කරුණු සඳහන් වු බවත් පවසන පෙත්සම්කරුවෝ ඔහු යටතේ මෙම විමර්ශන කිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ ජේ්‍යෂ්ඨ නිලධාරීන් වන තමන්ට අගතියක් වන බවත් සඳහන් කර තිබෙනවා.

එම තත්වය යටතේ කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති හෙයින් මෙම සිද්ධියට අදාළ විමර්ශන රහස් පොලීස් අධ්‍යක්ෂවරයා යටතේ පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටිනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රම්සි භාචා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ සහ නාමික් නෆර්ත් මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ අලි සබී්‍ර මහතා පෙනී සිටියා.

  1. කොහොම හරි කමක් නෑ වැඩේ වෙනවනම්.
    ශානි නැතුව අනිත් අය කරාවි.
    මේ පරීක්ෂන මෙපමන පරක්කු ඇයි?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15