මත් වෙන්න සල්ලි හොයන්න ඇඟ විකුණන පාසල් සිසුවියන් පිරිසක් ගැන අනාවරණයක් (වීඩියෝ)

පසුගිය දින කිහිපය පුරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා කරල් විකුණන ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී අනාවරණය වන්නේ වැඩි වශයෙන් කොළඹින් දුර බැහැර අනුරාධපුර ආදී නගරවල මත් පෙති හා මත්කරල් ජාවාරමට වැඩි වශයෙන් පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වී ඇති බවයි.

ගුවන් හමුදා බුද්ධි ඒ්කකයෙන් ලබාදුන් තොරතුරු අනුව පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනුරාධපුර, 04 කණුව අසල සිදුකළ වැටලීමකදී පාසල් දරුවන්ට මත් කරල් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අංගුවට ගෙන තිබුණා.

අද දිනයේ ද අනුරාධපුර යුද හමුදා බුද්ධි අංශ නිලදාරීන් ලබාදුන් තොරතුරු මත මත්පෙති දහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු අදාළ මත්පෙති තොග රැගෙන තිබුනේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඔසුසලකින්.

වැඩි වශයෙන් අනුරාධපුර නගරයේ පාසල් සිසුවියන් ඉලක්ක කර පවත්වාගෙන යන මෙම මත් පෙති හා මත් කරල් ජාවාරම හරහා දැරියන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ.

මත් පෙති ලබාගැනීමට මුදල් සොයා ගැනීම සඳහා පාසල් තුළදීම සිසුවියන් විසින් පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩ දී මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඔහු හෙළි කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33