මත් ජාවාරමෙන් මිලදී ගත් බවට සැක ලක්ෂ 300ක නිවසක් තහනම් කෙරේ

ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලැබූ සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ ලෙස විමර්ශනයක් සිදුකර තිබුණා.

එහිදී සිරිසර උයන, බේස්ලයින් මාවත, බොරැල්ල ලිපිනයේ පදිංචි අඹු සැමි යුවළක් විසින් 2017 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවත්, එයින් ලද මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැම්පත් කර ඇති බවත් අනාවරණය කරගගත් බවයි පොලිසිය පවසන්නේ.

තවද, සැකකාරිය විසින් නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද මුදල් යොදවා අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට, 08 වන පටුමගේ පිහිටි පර්චස් 06 ක ඉඩමක් හා එම ඉඩමේ ඉදිකර ඇති නිවස 2023 වර්ෂයේ දෙසැම්බර් මස රුපියල් ලක්ෂ 300 කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන් විසින් මිලදී ගන්නා ලද මෙම නිවස සහිත ඉඩමට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඊයේ (20) දින සිට දින 07 ක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිසිය දැනුම්දෙන්නේ.

ඊයේ (20) දින අතුරුගිරිය ඔරුගොඩ ප්‍රදේශයේදී සැකකාර අඹු සැමි යුවළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අවුරුදු 32 ක් හා සැකකරු අවුරුදු 37 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මත්ද්‍රව්‍ය ජවාරමෙන් උපයා ගන්නා ලද මුදල් තැම්පත් කර ඇති බවට සැක කරන සැකකාරියගේ, සැකකරුගේ හා සැකකාරියගේ මවගේ නමින් පවත්වා ගෙන යනු ලබන බැංකු ගිණුම් 06 ක් සම්බන්ධයෙන් හා සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති සුඛෝපභෝගී කාර් රථයක් සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15