Empty Ad
Empty Ad
 Empty Ad

භාණ්ඩ කිහිපයක මිල තවත් අඩුකෙරේ

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බව වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මිල අඩු කෙරෙන භාණ්ඩ පිළිබඳ දැනුම්දීම සඳහා අද (02) වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය.

ඒ අනුව වෙළෙඳපොළෙහි රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට තීරණය කර තිබේ. වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට ය.

දැනට රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලි ලීටර 500ක් රුපියල් 310කට ලබා ගත
හැකිය. රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250 දක්වා අඩු කෙරෙන බව අමාත්‍යවරයා පවසයි. අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර තිබේ. SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල වන්නේ රුපියල් 14කි.

එමෙන්ම අභ්‍යාස පොත්වල දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවි කෙරේ.දිවයින පුරා සියලුම සතොස අලෙවිසැල්වලින් ලබන සඳුදා සිට නව මිලගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත
හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දෙ දවසෙත් මගඩි වැඩක් කරන්න ගිහින් බඩු පැකට් - දැන් ඉතිං මහඋළු ගෙදර ලගින්නයි වෙන්නේ
02:09
Video thumbnail
🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
00:00
Video thumbnail
අද දිනයේ ආපධාවක් ඇතිවුණොත් ක්ෂණිකව මේ දුරකථන අංක වලට දැනුම් දෙන්න...
03:35
Video thumbnail
පළමුවන ඡන්ද ප්‍රතිඵලය ලබාදෙන හරිම වෙලාව මෙන්න
01:43
Video thumbnail
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඡන්දය ප්‍රකාශ කිරීමට
01:33
Video thumbnail
ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකථන පෑන් ගෙනයාම සපුරා තහනම් #election2024
01:36
Video thumbnail
එක් අයෙකුට දිවි අහිමි කළ බඩෝවිට වෙඩි තැබීම
01:07
Video thumbnail
🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
13:47
Video thumbnail
නැවත උණුසුම් වූ කොටුව බස් නැව්තුම්පල - ජනතාවගෙන් ආණ්ඩුවට දොස්
03:32
Video thumbnail
එක තැනක සිට රටම නිරීක්ෂණය කරන්න පොලීසියෙන් අලුත් වැඩක් - රටම ඩ්‍රෝන් වලින් නිරීක්ෂණය කරයි
15:45

?