භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීම ලබන වසරේ තවදුරටත් – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465ක් සඳහා ආපනය සීමා පැනවුව ද මේ වන විට ඉන් භාණ්ඩ 795ක ආනයන සීමා ඉවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (24) උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ තවදුරටත් ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 අතුරින් දේශිය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රැසක් පවතින බවයි.

ඒ, අනුව එම භාණ්ඩවල හැර අනිකුත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් පවතින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් කටුව රහිත පොල් මද , වෙසක් කූඩු, සරුංගල් , උණ බට ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු දේශිය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ තවදුරටත් අසීමිතව ගෙන්වීමට කටයුතු කරනවා ද නොඑසේ නම් ඒවා දේශිය වශයෙන් නිපදවා ජාතියක් වශයෙන් නැගී සිටිනවාද යන්න සකසා බලන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

https://youtu.be/fLaFY7QoO70
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31