බෙහෙත් ගන්න රෝහලට ආ මවක් රිය අනතුරකින් මියයයි (ඡායාරූප)

බෙහෙත් ගැනීමට මාතර මහ රෝහලට එමින් සිටි කාන්තාවක් (48) හදිසි අනතුරකට ලක්ව මියයාමේ සංවේදී පුවතක් හක්මන නාදුගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම කාන්තාව අද උදැසන 8 20 ට පමණ සිය සැමියා හා පුත්‍රයා සමග ත්‍රි රෝධ රථයකින් රෝහල කරා එමින් සිටියදී එකවරම අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට දැමූ ලොරියක ත්‍රි රෝධ රථය ගැටී තිබෙනවා.

ඒ සමග මහමගට ඇද වැටුණු කාන්තාව ලොරියට යටවී ඇති බව පොලිසිය පැවසුවා.

අනතුර සිදුවන විට ත්‍රි රෝධ රථය ධාවනය කර තිබෙන්නේ කාන්තාවගේ සැමියා වන ආබාධිත යුධ හමුදා සෙබළායි.

අනතුරෙන් දොළොස් හැවරිදි පුත්‍රයාටද තුවාල සිදුව ඇති අතර ඔහු මේ වනවිට මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ලොරියේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

accsident
WhatsApp Image 2023 03 10 at 10.52.53
WhatsApp Image 2023 03 10 at 10.52.55
WhatsApp Image 2023 03 10 at 10.52.54