බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට අනුමැතියදීම වළක්වන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ සුරා බදු පනතේ දෙවන වගන්තිය මගින් “බීර” යනුවෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් බවයි.

එහෙත් වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු හෙළි වී ඇති බවත් එසේ බීර නිෂ්පාදනය කිරීම සුරා බදු පනතේ විධිවිධානවලට පටහැනි බවත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදල් වලින් විශාල සහනාධාරයක් ලබා දෙමින් තිබියදී එසේ නිෂ්පාදනය කරන සහල් බියර් වැනි වාණිජ කර්මාන්තයක් සඳහා යෙදවීම තුළින් ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් පෙත්සම්කරුවන් සඳහන් කරනවා.

මේ හරහා ශ්‍රී ලංකාවට සහල් වලින් ස්වයංපෝෂිත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය මගින් වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය යාවත්කාලීන වී නොමැති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ, අනුව පෙත්සංකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සීනි සහ සහල් භාවිත කිරීමට අනුමැතිය දීම වළක්වාලන නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15