බිරිඳ විසින් කඩුවකින් කොටා සැමියා ඝාතනය කළ සිද්ධියේ නොඇසූ කතාවක් එළියට

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ දී ඊයේ (03) පස්වරුවේ බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අන්තර්ජාලයට එක්කර මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට අනුව අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැමියාගේ විසින් මීට පෙර ද මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර, එහිදී ස්වාමීයා විසින් බිරිඳට පොල්ලකින් සහ දම්වැලකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී නිවස තුළ සිටි 14 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා නිවසින් එළියට දමා දොර වසා ඇති බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කඩු පහරින් සැමියා නිවස තුළම මියගොස් ඇති බවයි පසුව අනාවරණය වුණේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක්වූ 38 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ වැල්ලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර බිරිඳ අද (04) දිනයේ දී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
11
+1
4
+1
2
+1
30
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?