බිත්තර ලොරියක් ගලගමුවේදී පෙරලෙයි – ලක්ෂ 12 ක බිත්තර විනාශයි(ඡායාරූප)

බිත්තර 25 000 ක් රැගත් ලොරි රථයක් ගලගමුවේදී අද උදෑසන පෙරලි ගියා.

හෙට්ටිපොල සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබියදී මේ ලොරිය අනතුරට ලක්ව තිබෙන්නේ ගල්ගමුව ඉන්ධන පිරවුම්හල අසලදී.

රියදුරු සහ සහයකයාට සුලු තුවාල සිදුව ඇති අතර රථයේ අධික බර සමග එය ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුවූ බව රියදුරු පැවසුවා.

බිත්තර බිඳී යාමෙන් රුපියල් ලක්ෂ 12 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව පැවසෙනවා.

WhatsApp Image 2023 04 07 at 11.25.47 1
WhatsApp Image 2023 04 07 at 11.25.47
WhatsApp Image 2023 04 07 at 11.25.46
vlcsnap 2023 04 07 12h22m25s539
vlcsnap 2023 04 07 12h22m29s387