spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර නිෂ්පාදකයෝ බිත්තර බෙදාහැරීම නවතා දමයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට විරෝධය පළ කරමින් බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිට වූ බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

පාඩු ලබමින් බිත්තර බෙදාහැරීම සිදුකළ නොහැකි බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළා.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පෙරේදා (19) රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කරණු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් ලෙසත් දුඹුරු හා රතු බිත්තරයක්‌ රුපියල් 45ක් ලෙසත් දන්වමින් උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

කෙසේ වෙතත් එම සංගමය පෙරේදා (19) කොළඹ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු තීරණය කළේ බිත්තරයක මිල රුපියල් 05කින් අඩු කිරීමටයි.

ඒ, අනුව ඔවුන් සඳහන් කළේ සුදු බිත්තරයක් රුපියල් 55.00 කටත් රතු බිත්තරයක් රුපියල් 56.00ක් වැනි මුදලකටත් සඳුදා (හෙට 22) සිට පාරිභෝගිකයින් වෙත ලබාදෙන බවයි.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳුදා (හෙට 22) සිට බිත්තරයක් ලබාදීමට බලාපොරොත්තු වූ මිලට වඩා, පෙරේදා (19) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ පාලන මිල අඩු අගයක් ගැනීම ද විශේෂත්වයක්.

බිත්තර මිල අඩු කිරීමට තීරණයක් ගෙන තිබූ අවස්ථාවක මෙවැනි ගැසට් නිවේදනයක් මඟින් උපරිම සිල්ලර මිලක් පැනවීම ඉතා අසාධාරණ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?