බිත්තර නිෂ්පාදකයෝ බිත්තර බෙදාහැරීම නවතා දමයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට විරෝධය පළ කරමින් බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිට වූ බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

පාඩු ලබමින් බිත්තර බෙදාහැරීම සිදුකළ නොහැකි බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළා.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පෙරේදා (19) රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කරණු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් ලෙසත් දුඹුරු හා රතු බිත්තරයක්‌ රුපියල් 45ක් ලෙසත් දන්වමින් උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

කෙසේ වෙතත් එම සංගමය පෙරේදා (19) කොළඹ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු තීරණය කළේ බිත්තරයක මිල රුපියල් 05කින් අඩු කිරීමටයි.

ඒ, අනුව ඔවුන් සඳහන් කළේ සුදු බිත්තරයක් රුපියල් 55.00 කටත් රතු බිත්තරයක් රුපියල් 56.00ක් වැනි මුදලකටත් සඳුදා (හෙට 22) සිට පාරිභෝගිකයින් වෙත ලබාදෙන බවයි.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳුදා (හෙට 22) සිට බිත්තරයක් ලබාදීමට බලාපොරොත්තු වූ මිලට වඩා, පෙරේදා (19) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ පාලන මිල අඩු අගයක් ගැනීම ද විශේෂත්වයක්.

බිත්තර මිල අඩු කිරීමට තීරණයක් ගෙන තිබූ අවස්ථාවක මෙවැනි ගැසට් නිවේදනයක් මඟින් උපරිම සිල්ලර මිලක් පැනවීම ඉතා අසාධාරණ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40