බිග් මැච් එකට කොඩි දාද්දී කණුවක් ඇඟට වැටී සිසුවෙකුට බරපතළ තුවාල

වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය වෙනුවෙන් ධජ එල්ලීමට ගිය පාසල් සිසුවෙකුගේ ශරීරය මතට විශාල ප්‍රමාණයේ කොඩි කණුවක් වැටී බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස ජාතික පාසල අතර, ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රිකට් තරගයට කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය එල්ලීමට යාමේ දී මෙම සිසුවා අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක්වූ සිසුවා රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ දකුණ කකුලේ දණහිසෙන් පහළ කොටසට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, වම් අතට ද තුවාල සිදුව තිබෙනවා.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !