බිංදුවට දැවී ගිය අසාම් ඛාන්ට ප්‍රේක්ෂකයෙක්ගෙන් බැණුම් (වීඩියෝ)

ලෝක කුසලාන තරගාවලියේ ඇමරිකාව සමඟ පැවති තරගයෙන් අනපේක්ෂිත පරාජයක් අත්විඳින්නට පාකිස්ථාන කණ්ඩායමට ඊයේ සිදු වුණා.

සුපිරි පන්දුවාරයේ දී ඇමරිකාව මෙම තරගය ජයගත්තේ ලකුණු 05කින්.

මෙම තරගයේ දී පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන්ගේ දැවීයාමෙන් පසු සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් මාධ්‍යවල අවදානය යොමුව තිබෙනවා.

මෙම තරගයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අසාම් ඛාන් යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කරමින් සිටිය දී තරගය නරඹමින් සිටි ප්‍රේක්ෂකයෙක් සහ අසාම් ඛාන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ප්‍රේක්ෂකයා විසින් අසාම් ඛාන්ට බැණ වැදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, මෙම සිදුවීම මේ වනසිට සමාජ මාධ්‍යවලත් සංසරණය වනවා.

බොහෝ පිරිසක් පවසන්නේ හිටපු පාකිස්ථාන නායක මොයින් ඛාන්ගේ පුත් අසාම් ඛාන්ට, ඥාති සංග්‍රහය මත පාකිස්ථාන ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිව ඇති බවයි.

මේ අතර අසාම් ඛාන් අවස්ථා කිහිපයක දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට ද පැමිණි අතර, එම අවස්ථාවන්වල දී ඔහු මෙරට ප්‍රේක්ෂනයින් අතර ප්‍රසිද්ධියට පත් වුයේ ‘බැරල් සුනිල්’ යන අන්වර්ථ නාමයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40