බාල වයස්කාර දැරියක් මවක් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇයව මවක් බවට පත් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නොරොච්චෝලේ, ආංකුඩාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය දෙවන දා ගැබිණියක් පුත්තලම රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර, එම දරු ප්‍රසූතිය සිදුකළ මව සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඇය වයස අවුරුදු 14යි මාස 07ක බාලවයස්කාර දැරියක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම රෝහල් පොලීසිය විසින් නොරොච්චෝලේ පොලිසියට සිදුකළ දැනුම්දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තමන් 2022 ජනවාරි මස 23 වනදා මුස්ලිම් නීතිය අනුව විවාහ වී ඇය සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූ බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

ඔවුන්ගේ විවාහ සහතිකය සහ බාලවයස්කාර බිරිදගේ උප්පැන්න සහතිකය ද සැකකරු විසින් පොලීසියට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15