බාලවයස්කාර සැකකරුවන් තුනක් භාරව සිටි ජේලර්ලා තිදෙනෙකුගේ වැඩ තහනම්

ඝාතන සිදුවීමකට අදාළව අධිකරණ නියෝගයක් මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටින බාලවයස්කාර සැකකරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව යටත්ව වැඩතහනම් කළ බවයි.

ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

පසුගිය 18 වනදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව යළි රැඳවුම් මධ්‍යස්ථානයකට සැකකාර බාලවයස්කරුවන් තිදෙනා රැගෙන යමින් තිබූ වෑන් රථයක් අතර මඟ නවතා වෑන් රථය තුළට බඩු භාණ්ඩ ලබාදීමට පිරිසක් කටයුතු කළ බවයි පැමිණිලි ලැබී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 14 වන දින වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයක අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පාසල් ළමුන් තිදෙනෙකුට එය නවත්වන ලෙස අවවාද කළ, 34 හැවිරිදි පුද්ගලයෙකුට හෙල්මට්වලින් පහරදී ඝාතනය කළ සිද්ධියේ සැකකාර බාලවයස්කරුවන් තිදෙනා රැගෙන යමින් තිබූ වෑන් රථයටයි මෙලෙස බඩු භාණ්ඩ ලබාදීමට කටයුතු කර තිබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40