බ්‍රහස්පතින්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන බ්‍රහස්පතින්දා (06) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව සඳහන්.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.