බස්නාහිර පළාතේ හෙට සිට විවෘත වන පාසල්

හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘතවීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවය. 

හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට ද අවසර හිමිවී තිබේ. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියමකර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවය.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඔහු සඳහන් කළේය.

උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කෙරුණි.

ඒ අනුව උපකාරක පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු දක්වා පමණක් බව අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශකර තිබේ.

එමෙන්ම උපකාරක පන්ති මෙවර විභාගයට පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09