බංග්ලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාව තබා තිබූ එක්දින වාර්තාව බිඳ වැටෙයි – පැරදුණු තරගයේ දී වනිඳුගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස සම කරන්නට බංග්ලාදේශ කණ්ඩායමට ඊයේ (05) හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන එක්දින තරගය ලකුණු දහසයකින් ජයගනිමින්.

දෙවැනි එක්දින ක්‍රිකට් කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර, ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 05ක් තුළ සියල්ල දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 232ක් පමණයි.

මේ අතර දෙරට අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එක්දින තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 11ක් අඛණ්ඩව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (05) පැවති 12 වන එක්දින තරගය ජයගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාව ප්‍රේමදාස පිටියේ පවත්වාගෙන ආ එම අඛණ්ඩ වාර්තා බිඳ දැමුවා.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග තවත් ලෝක වාර්තාවක් තමන් සතුකර ගත්තා.

ඒ, අඩුම එක්දින තරග සංඛ්‍යාවක දී එක්දින කඩුලු 100 සහ එක්දින ලකුණු දහස පසුකළ ක්‍රීඩකයා බවට පත් වෙමින්.

වනිඳු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ එක්දින තරග 65කට ක්‍රීඩා කරමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක් විසින්.

    • IPL වෙන්දේසියේදි ලංසුව වැඩිකරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඕක. ඊලඟ වෙන්දේසියේදි ඉන්දියන් රුපියල් කෝටි 20 ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04