පොලිසියෙන් දැනුම් දීමක්

උත්සව සමයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ උත්සව සමයේ සිදුවන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.

“මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාජ වෙළෙන්දන් සිටිය හැකියි. වැඩි මිලට බඩු විකුණන සමහර අය ඉන්න පුළුවන්. ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමටද ඉඩ තිබේ. කරුණාකර මෙවැනි ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටින්න” යනුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාකීර්ණ ස්ථානවල රන් ආභරණ පැළඳීමෙන් වළකින ලෙසත් මුදල් පසුම්බිවල සහ අත්බෑගවල ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

බීමතින් රිය පදවන පුද්ගලයින් පරීක්ෂා කර අත්අඩංගුවට ගන්නා ලෙසට සහ වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු පැවසුවේ.

උත්සව සමය වෙනුවෙන් ප්‍රදේශ කිහිපයකට පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති අතර ඇතැම් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටිනු ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14