spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියෙන් දැනුම් දීමක්

උත්සව සමයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ උත්සව සමයේ සිදුවන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.

“මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාජ වෙළෙන්දන් සිටිය හැකියි. වැඩි මිලට බඩු විකුණන සමහර අය ඉන්න පුළුවන්. ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමටද ඉඩ තිබේ. කරුණාකර මෙවැනි ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටින්න” යනුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාකීර්ණ ස්ථානවල රන් ආභරණ පැළඳීමෙන් වළකින ලෙසත් මුදල් පසුම්බිවල සහ අත්බෑගවල ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

බීමතින් රිය පදවන පුද්ගලයින් පරීක්ෂා කර අත්අඩංගුවට ගන්නා ලෙසට සහ වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු පැවසුවේ.

උත්සව සමය වෙනුවෙන් ප්‍රදේශ කිහිපයකට පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති අතර ඇතැම් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටිනු ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?