පොලිස් – හමුදා ගැටුම ගැන විශ්‍රාමික හමුදා නිලධාරියෙකු හඬ අවදි කරයි

පසුගියදා පොලිස් නිලධාරීන් පිරිසක් සහ හමුදා භටයන් පිරිසක් අතර යම් ගැටුම්කාරී සිදුවීමක් සිදුවුණා.

මෙයට බොහෝ පිරිසක් හමුදා නිලධාරීන්ට දොස් නගා තිබුණා.

අන්තර්ජාලය පුරාද මේ සම්බන්ධයෙන් විවිධ පුවත් හුවමාරු වුණා.

කොහොම වුණත් මේ ගැනත් හමුදා නිලධාරීන්ට අද ඇති තැන ගැනත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන කීර්ති කොට්ටවත්ත සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

හමුදා නිලධාරීන් හට ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීම තහනම් ය.

පවතින දේශපාලන අර්බූදය හමුවේ fb ඇතුලු අනෙකුත් මාධ්‍යය මගින් හමුදා සෙබලුන් උපහාසයට ලක්වන ප්‍රකාශ පලවන නිසාත්, ඔවුන් ගැරහීමට ලක්වන නිසාත්, විශ්‍රාමි ජ්‍යෙෂ්ට හමුදා නිලධාරීයෙකු වන මට මෙය ලිවීමට සිත්විය.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාධිපත්‍යයේ හිමිකරුවන් වන්නේ මහජනතවයි.

ආරක්ෂක හමුදාවන් හි කාර්‍යයභාරය වන්නේ රටක ජාතික ආරක්ෂාව , දේපල සහ ජනතාව ආරක්ෂා කිරීමයි.

හමුදාවන්ට සිය රාජකාරියේදී පුද්ගලයන් හෝ පක්ෂ අදාල නොවේ.

කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයන් බලයට පත්කරන්නේ මහජනතාව මිස ආරක්ෂක හමුදාවන් නොවේ.

රටක ව්‍යවස්ථාව රැකීම හැර පුද්ගලයන් හෝ පක්ෂ රැකීම හෝ ඉවත් කිරීම හමුදාවන්ට අදාල රාජකාරින් නොවේ.

කව්රුන් හෝ රජයක් පෙරලීම සදහා හමුදා සහාය පතන්නේ නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ “අ” “ආ” හෝ නොදන්නා මෝඩයෙකි.

ඉතා කණගාටුවෙන් උවද පැවසිය යුතු දෙයනම්, අද ඔබ උපහාසයට , ගැරහීමට ලක්කරන මේ සෙබලුන් රට වෙනුවෙන් මහා සේවයක් කර මිනිසුන් බවයි .

ඔබට දකුණේ ජොලියෙන් සිටීමට උතුරු රණබිමේ මේ සෙබලුන් කළ කැපකිරීම් අතිමහත්ය.

අපේ ලෙයින් මව්බිම තෙමූ අපි මව්බිමට ණය නැති මිනිසුන් ය. අනික් විපතකදී උවද අපි අපේ යුතකම නොපිරිහෙලා ඉටුකර ඇත්තෙමු.

අපි රැකියාවක් ලෙස සලකා යුද්ධයට ගිය මිනිසුන් නොවේ .

අන් තරුණ පිරිස් මගහරිද්දී අපි යුද්ධයට අපේ තාරුණය කැපකල මිනිසුන් වෙමු.

සෙබලුනට ගැරහීමේදී මේ ගැනත් සිතන ලෙස ඔවුන් ගෙන් මම ඉල්ලීමක් කරමි.

එනම් මේ දක්වා අපේ හමුදාවන් කිසිදු උද්ඝෝෂකයෙකුට එරෙහිව අවම බලය හෝ යොදවා නැත.

එක් වෙඩිල්ලක් හෝ පත්තුකර නැත. මිනිසුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි ගරුකර ඇත්තෙමු.

අවසාන වශයෙන් ඔබට එක්දෙයක් මතක්කරමි . එනම්, අපි අපේ ආහාර වේල, ඇද , නවාතැන පවා විපතකදී ඔබට නිර්ලෝභීව දුන් මිනිසුන් ය.

එකල අපි ඔබේ රණවිරුවාය. දෙවිවරුන්ය. LTTE නායකයා කියුවා සේ, සිංහලයාට සෑමදෙයක්ම මතක සතියකි.

එය අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු . ඕනතරම් වීර ක්‍රියා කරපු , වීරයන් දැකපු අපිට FB වීරයන් වීමේ මානසිකත්වයක්ද නැත .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23