පොලිස් බැරියර් ගැන සජිත්ගෙන් නෝක්කාඩු

ජන ජීවිතය අඩාල කරන සහ සාමකාමි විරෝධතා වැලකීමට පොලිසිය මාර්ග යෙදීම පිලිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලිපියක් යොමුකර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි,

ජන ජීවිත අවුල් කරන මාර්ග බාධක ඉවත් කරනු! ජනතා බලය අවබෝධ කරගනු.

ජනතා බලය නැමති සුනාමියට හසුව විනාශය ලගාකරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය මර්ධනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටී.

එහි ආසන්නතම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමය.ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩනකාරී තත්ත්වයකට පත් ව තිබේ.

මේ රටේ සරසවි සිසුන් ප්‍රමුඛව විරෝධතා කිහිපයක් කොළඹට පැමිණීමට නියමිත වීම ආණ්ඩුවේ භීතියට හේතුවී ඇති අතර මෙය විහිළු සහගත මාර්ග බාධක තුළින් ජනතා විරෝධය නතර කළ නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුය.

දෙවසරක් තිස්සේ මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා ඇති අතර ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු සියල්ල මේ වන විට අකර්මණ්‍ය වී තිබේ.එමෙන්ම මේ රටේ පුරවැසියන්ගෙන් කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට ද ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා දැක්වීමට ඇයිති අයිතිය උල්ලංඝනය කිරීමට ආණ්ඩුවට හෝ කිසිදු බලවේගයකට නොහැක.

එක් අතකින් දෙසතියකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බිත්ති හතරක් මැදට කොටු කිරීමට ජනතාව කටයුතු කොට තිබේ.

දැන් ආණ්ඩුව සූදානමින් සිටින්නේ සිය ත්‍රස්ත පන්නයේ මර්දනය යොදාගෙන ස්ථිර මාර්ග බාධක ඉදි කොට තමන් කොටු වී ඇති සීමාව යම් පමණකට පුළුල් කොට ගැනීමටය.

ආණ්ඩුව පිළිබඳව ජනතා විරෝධය පුපුරා ගොස් ඇති මොහොතක එකී ජනතා විරෝධය ආපසු හැරවීමට ආණ්ඩුව සතුව කිසිම තුරුම්පුවක් නැති අතර රට ගොඩනඟනවා තබා රට ගොඩනගන්නට සිතන්නටවත් ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැත.

ජනතා අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය වෙනුවෙන් අන්තනෝමතික පාලනයක යෙදුණු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති මේ ජනතා බලවේග, කොන්දේසි විරහිතව සර්ව සාධාරණ යැයි අප තිරව විශ්වාස කරන අතර,ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව විසින් එල්ල කරනු ලබන ඕනෑම මර්දනයකට එරෙහිව පෙරළා මැදිහත්වීමට සමගි ජන බලවේගය දෙවරක් නොසිතන බවද අවධාරණය කරමු.

එබැවින් මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව ගනු ලබන මෙම අන්තනෝමතික ක්‍රියා මාර්ග නොවළහා හකුළා ගත යුතු බවත්,ආණ්ඩුවේ ඉරණම පිළිබඳව අවසන් කෙලවරේ සිටියදී හෝ මේ අමනෝඥ තීරණ තුලින් ජනතා පීඩනය තවදුරටත් තීව්‍රර නොකරන ලෙසත් අපි ආණ්ඩුවට බල කොට සිටිමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

WhatsApp Image 2022 04 24 at 4.41.52 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36