පොරබැදීමක දී බඳින තුවක්කුවක් පත්තු වී වනජීවී නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

කහටගස්දිගිලිය – ගගුරෑව වැව් ඉස්මත්තේ දී බඳින තුවක්කුවක් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එය පත්තු වීමෙන් වනජීවී නිලධාරින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ වනජීවී නිලධාරීන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඊයේ (06) මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

වන සතුන් දඩයම් කිරීම සඳහා සූදානම් කරන ලද බදින තුවක්කුවක් රැගෙන දඩයක්කරුවෙකු පැමිණෙන බවට ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් දෙදෙනෙක් කහටගස්දිගිලිය – ගගුරෑව වැව් ඉස්මත්තේ මඟ රැක සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී බදින තුවක්කුව ද රැගෙන එම ස්ථානයට පැමිණි දඩයක්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම්වන අවස්ථාවේ දී ඔවුන් අතර පොර බැදීමක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොරබැදීම සිදුවන අතරතුර දඩයක්කරු විසින් ඔහුගේ අතේ තිබූ බදින තුවක්කුව වනජීවී නිලධාරීන් දෙසට විසිකර ඇති අතර, එහිදී එය පත්තුවීමෙන් එක් නිලධාරියකුගේ මුහුණ ප්‍රදේශයටත් අනෙක් නිලධාරියාගේ දකුණු අතටත් බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධය බදින තුවක්කුව රැගෙන ගිය පුද්ගලයා කහටගස්දිගිලිය පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හතලිස් දෙහැවිරිදි විවාහකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (07) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?