පොරබැදීමක දී බඳින තුවක්කුවක් පත්තු වී වනජීවී නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

කහටගස්දිගිලිය – ගගුරෑව වැව් ඉස්මත්තේ දී බඳින තුවක්කුවක් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එය පත්තු වීමෙන් වනජීවී නිලධාරින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ වනජීවී නිලධාරීන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඊයේ (06) මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

වන සතුන් දඩයම් කිරීම සඳහා සූදානම් කරන ලද බදින තුවක්කුවක් රැගෙන දඩයක්කරුවෙකු පැමිණෙන බවට ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් දෙදෙනෙක් කහටගස්දිගිලිය – ගගුරෑව වැව් ඉස්මත්තේ මඟ රැක සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී බදින තුවක්කුව ද රැගෙන එම ස්ථානයට පැමිණි දඩයක්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම්වන අවස්ථාවේ දී ඔවුන් අතර පොර බැදීමක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොරබැදීම සිදුවන අතරතුර දඩයක්කරු විසින් ඔහුගේ අතේ තිබූ බදින තුවක්කුව වනජීවී නිලධාරීන් දෙසට විසිකර ඇති අතර, එහිදී එය පත්තුවීමෙන් එක් නිලධාරියකුගේ මුහුණ ප්‍රදේශයටත් අනෙක් නිලධාරියාගේ දකුණු අතටත් බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධය බදින තුවක්කුව රැගෙන ගිය පුද්ගලයා කහටගස්දිගිලිය පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හතලිස් දෙහැවිරිදි විවාහකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (07) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01