පෙර පාසල් දරුවන් පිරිසක් හදිසියේම එප්පාවල රෝහලට (ඡායාරූප සහ වීඩියෝ)

පසුගියදා ගම්පොළ කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සත්හැවිරිදි දැරියක් ඖෂධ ඔතා දුන් කඩදාසියේ බෙහෙත් වට්ටෝරුව දෙආකාරයකින් සටහන් වී තිබීම හේතුවෙන් ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වීම හේතුවෙන් මරණයට පත්වීමේ සිදුවීමත් සමඟ ඒ පිළිබඳව අවධානය යොමු වූ උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂගේ සංකල්පයක් මත එම පළාතේ පෙර පාසල් දරුවන්ගේ අතින් සැකසු ඖෂධ බහාලුම් කවර රෝහල් වෙත ලබා දීම පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ යටතේ පෙර පාසල් දරුවන් අතින් නිම වූ පළමු ඖෂධ බහාලුම් කවර තොගය එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කිරීම පෙරපාසල් දරුවන්ගේ සුරතින් අද (03) සිදු කෙරිණි.

පෙරපාසල් දරුවන් විසින් පළමු අදියර යටතේ ඖෂධ නිකුත් කිරීම සඳහා ඖෂධ බහාලුම් කවර 2 000 ක් එප්පාවල රෝහල වෙත එහිදී පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත එම පරිත්‍යාගයන් සිදු කරනු ලැබූ අතර උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන නිළධාරිනී, ඩබ්.එස්.පී.එම්.කේ වැලිපිටිය, එප්පාවල සමූපකාර සමඟි පෙර පාසලේ ප්‍රධාන පාලිකා ෂන්දිකා පෙරේරා, සදරැස්ගම පුදුබු පෙර පාසලේ පාලිකා නදීකා ප්‍රියදර්ශණී, ඇඳගල බෝ සෙවන පෙර පාසලේ පාලිකා අනුරාජයශීලී යන අය මෙම අවස්ථාවට සහභාගී වි තිබෙනවා.

එප්පාවල රජයේ රෝහලේ බෙහෙත් ලබා දෙන කවුලු අසල ” බෙහෙත් නිකුත් කිරීම සඳහා අවශ්‍යය පිරිසිදු කඩදාසි හා පොත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි” යනුවෙන් සටහන් වූ දැන්වීමක්ද එහිදී දැක ගත හැකි විය.

රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් මේ වන විට රෝහල මගින් රෝගීන්ට ඖෂධ නිකුත් කරනු ලබන්නේ පත්තර පිටු හා භාවිතයෙන් ඉවත් කරන පොත් වල පිටු වලින් ඔතා එහි පෑනෙන් ඖෂධ ලබා ගත යුතු ආකාරය සටහන් කරමින්ය, මේ නිසා ඖෂධ මාත්‍රාව පිළිබඳ සටහන් ඇතැමුන්ට පැහැදිලිව කියවා ගැනීමට අපහසුතා ඇති වේ.

ඒ සඳහා විසදුමක් ලෙස උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායකගේ සංකල්පයක් මත පෙර පාසල් දරුවන්ගේ අතින් සැකසු ඖෂධ බහාලුම් කවර රෝහල් වෙත ලබාදදී ම සිදු කෙරුණා.

රජයේ කාර්යාල සහ වෙනත් ආයතනවල මුද්‍රණ කටයුතු සිදු කිරීමේදී මුද්‍රණ දෝෂ හා වෙනත් වැරදි සිදු වී ඉවත් කරන පිරිසිදු කොළ පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය මගින් ලබා ගෙන පෙරපාසල් වෙත ලබා දී පෙර පාසල් ආචාර්යවරුන් ඒවා අවශ්‍යය පරිදි කපා දුන් පසු පෙරපාසල් දරුවන් අතින් බෙහෙත් කවර අලවා නිර්මාණය කරවීම මේ දිනවල සිදු කරනු ලබයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සියලු රෝහල් වල බාහිර රෝගී අංශ මගින් බෙහෙත් නිකුත් කිරීමේදී කවර හිඟය බෙහෙවින් බලපා තිබෙනවා. වයස අවුරුදු 06 ට අඩු පෙර පාසල් දරුවන් යෙදවා ගෙන පෙරපාසල් පාලිකාවන්‌ගේ මඟ පෙන්වීම මත මෙම කවර නිර්මාණ සිදු කරයි.

දරුවන්ගේ ක්‍රියාකාරකම් වශයෙන් සතියකට වරක් බෙහෙත් කවර නිෂ්පාදනය කරනු ලබන අතර, ඒ සඳහා උතුරු මැද පළාත තුළ පවතින පෙරපාසල් 2400 ක පාලිකාවන්ගේද කැපවීම මත මෙම බෙහෙත් කවර නිෂ්පාදනය සිදු කර, එම පෙරපාසල් බල ප්‍රදේශ වල පවතින රෝහල් වෙත සතියකට වරක් අඛණ්ඩව බෙහෙත් කවර ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නිලන්ත ඒකනායක,

අපි පහුගිය දිනවල මාධ්‍යයේ දැක්කා දරුවෙක්, බෙහෙත් දෙන පිළිවෙලේ තියෙන අපිළිවෙල නිසා ඇතිවූ ගැටලුවක් නිසා ජීවිතය අහිමි වූ පුවතක්.ඒ පුවත දකින විට අපිට මතක් වුණේ අපිට මේ පෙර පාසල් පද්ධතියේ සිටින දූ දරුවන්ගේ හසුරු කුසලතාවන් වර්ධනය කරන්න අපි කඩදාසි කපලා , අලවලා නොයෙකුත් ක්‍රියාකාරකම් කරනවා.හැබැයි එතකොට අපිට පුලුවන්නම් නිර්මාණාත්මකව මේ ළමයාගෙන් බෙහෙත් ලබා දෙන කවරයක් හදාගන්න කියන සිතුවිල්ල පහල වෙලා, මං මගේ පෙරපාසල් ආචාර්යවරුන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන් බොහෝම කැමැත්තෙන් මේ වැඩේ භාර ගත්තා.ගුරුවරුන් පෙරපාසල් දරු දැරියන් එක්ක එකතු වෙලා ඉතා කඩිනමින් දින කීපයක් තුළ බෙහෙත් කවර විශාල ප්‍රමාණයක් සාදා නිම කිරීමට කටයුතු කළා.ඒ අනුව තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, එප්පාවල ප්‍රදේශයේ පෙරපාසල් කීපයක දරු දැරියන් විසින් සකස් කළ බෙහෙත් බහාලන කවර එප්පාවල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කිරීම සිද්ධ කලේ, අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික්කය පුරාම පවතින රෝහල් වලට අවශ්‍යය බෙහෙත් බහාලන කවර හා බෙහෙත් ලියන තුන්ඩු දරුවන්ගේ අතින් නිර්මාණාත්මකව හදලා ඒවා රෝහල් වලට ලබා දීමට අවශ්‍යය කටයුතු අපි අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ තුළින් දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය වෙනවා වගේම අපේ රටේ හැමදේම නෑ , බෑ කියලා පස්සට යන වෙලාවේ, අපිටත් මේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් කියන හැඟීම මේ පුංචි දරුවන්ට දෙන්න ඔ්න. ඒ හැඟීමත් එක්ක තමයි අපි මේ වැඩසටහන ආරම්භ කලේ, උතුරු මැද පළාත් සභාවේ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය යට‌තේ පෙරපාසල් 2400 ක් පමණ තිබෙනවා.ඒ සෑම පෙරපාසලක්ම මේ සත්කාරය සිදු කිරීමට සූදානම් වෙලා තියෙන්නේ.අපි දැනට මේ සඳහා රාජ්‍යය ආයතන වලින් මුද්‍රණ දෝෂ ඇතුළු විවිධ වැරදි හේතුවෙන් ඉවත් කරන පිරිසිදු කඩදාසි යොදාගෙන මේ බෙහෙත් කවර නිර්මාණය කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා ඔබ සතුවත් මේ සඳහා යොදා ගත හැකි කඩදාසි තිබෙනවා නම් , ගම් හෝ කතුරු ලබා දෙන්න හැකියාවක් තියෙනවා නම් උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය ආරම්භ කළ මේ වැඩේට සහයෝගයක් ලබා දෙන්න එකතු වෙන්න කියලා කියලා.

එහිදී අදහස් දැක්වූ එප්පාවල සමූපකාර පෙරපාසලේ ප්‍රධාන පාලිකා ෂන්දිකා පෙරේරා,

මේ වැඩසටහන ගොඩක් හොඳ දෙයක්, පෙරපාසල් දරුවන් යොමු කරන්න ඕන හසුරු කුසලාතාවන්ට, මේ වැඩසටහනට දෙමාපියන් බොහෝ කැමැත්තෙන් මැදිහත් වෙලා බෙහෙත් කවර 2000 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. ඒ බෙහෙත් කවර ප්‍රමාණය අද දවසේ දරුවන්ගේ අතින්ම එප්පාවල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කළා.දරුවන්ට මේ වගේ පරිත්‍යාගයන් කිරීමට හැකිවීම පිළිබඳව දරුවන් ඉතා සතුටු වුණා.

එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක අදහස් දක්වමින් කියා සිටියේ,

මේ වෙසක් සතිය තුළ මේ වගේ පරිත්‍යාගයක් රෝගීන් වෙනුවෙන් කළ සත්කාරයට පෙරපාසල් දරුවන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.මේ වන විට අපි බෙහෙත් නිකුත් කරන්නේ ප්‍රදේශවාසීන් විසින්ම ලබා දුන්න කඩදාසිවල ඔතලා.අපිටත් හරි ගැටලුවක් මේ බෙහෙත් නිකුත් කරන්න කවර නැති එක, රෝගීන් විශාල වශයෙන් අපහසුතාවන්ට පත් වෙනවා.අපිරිසිදු කඩදාසියක බෙහෙත් එතුවොත් විෂ වන්න පුලුවන්, ඒ වගේම බෙහෙත් විනාශ වෙනවා ඉක්මනට කවර නැති නිසා.මේ වැනි පරිත්‍යාග කිරීම උතුම් කටයුත්තක්.ඒ සඳහා දායක වූ පෙරපාසල් දරු දැරියන්, දෙමාපියන්, පෙරපාසල් ආචාර්යවරුන් වගේම මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ සියලු නිළධාරීන්ට ස්තූතිවන්ත වෙනවා යැයි පැවසීය.

https://www.youtube.com/watch?v=LqCtPFnf-Ps
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27