spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙන්වා දීමට තරම් ඖෂධ හිඟයක් නෑ සෞඛ්‍ය ඇමති කියයි

එළඹෙන මාසය වන විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

වෛද්‍ය උපකරණයන්හි සහ ඖෂධවල යම් හිඟයක් පැවතිය ද එය ඇතැම් අවස්ථාවන්හි පෙන්වා දෙන තරම් තත්ත්වයක නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කීය.ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් (Shahzad Chaudhary) මහතා හමුවූ අවස්ථාවේදීයි.

මෙම හමුව පකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන CCL‍ සමාගම, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය හරහා පාකිස්තානු, ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය රුපියල් ලක්‍ෂ 100 ක් පමණ වටිනා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (19 දා) ප්‍රදානය කිරීමේ අවස්ථාවට යෙදී තිබුනු අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ රටට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ගතවන කාලය මේ වනවිට විශාල ලෙස අඩුකර ඇතිබවත් මෙවැනි ඖෂධ ආධාර ලැබීම තුළ තවදුරටත් ඖෂධ කළමණාකරණය වඩාත් සාර්ථකව සිදුකළ හැකි බවත්‍ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?