පුනරුත්ථාපන පනත ලබන 19 වනදා මැතිසබයට

විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ලබන 19 වනදා එම පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

නාවලපිටිය ජෙතවනාරාම විහාරස්ථානයේ ඔයේ (13) පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුනරුත්ථාපන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරන බවයි.

සමාජයේ විවිධ මත දරණ පුද්ගලයන් බන්ධනාගාර ගත කර පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන පනත ගෙන ඒමට කටයුතු කරන බවට නඟන චෝදනා පදනම් විරහිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම වැරදිකරුවන් වී බන්ධනාගාර ගත වන පුද්ගලයන් සම්බන්ධයෙන් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවත්, බන්ධනාගාර තුළ වැරදිකරුවන් පුනරුත්ථාපනය කර යළිත් සමාජගත කළ ද එම පුනරුත්ථාපනය වූ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් යළිත් එම වැරැද්දම සිදුකරන ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40