පැහැරගත් බව කියූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

කොළොන්න ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් කළ සොයා බැලීමේදී සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් තුන්දෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අද ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

පැහැරගැනීමට ලක්වූ බවට පැවසුණු මෙම ව්‍යාපාරිකයා මිරිහාන පොලිසිය මගින් ඊයේ (18) රාත්‍රී දෙල්කඳ ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඔහුගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, තමන් ලබාගත් ණය මුදලක් පියවීමට නොහැකිවීම හේතුවෙන් මෙම පැහැරගැනීම තමන් විසින්ම නිර්මාණය කළ බවයි.

කොළොන්න ප්‍රදේශයෙදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල්ද සමග පැහැරගෙන ගොස් ඇති බවට පසුගිය 16 වනදා කොළොන්න පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ.

ඔහු ගමන්කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී හමුවී තිබුණා.

එහි රියදුරු අසුනට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබූ අතර පොලිසිය සැක කළේ එහි මිරිස් කුඩු විසිරී තිබෙන ආකාරය පිළිබඳව සැකයක් පවතින බවයි.

ඒ, මිරිස් කුඩු යම් කිසි පුද්ගලයෙකු විසින් එහි ඉස ඇති අයුරින් විසිරී තිබීම හේතුවෙන්.

විමර්ශන සිදු කෙරෙන අතර අදාළ ව්‍යාපාරිකයා දෙල්කඳ ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක රැඳීසිටින බව මිරිහාන පොලිසියට ඊයේ පස්වරුවේ තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව, පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ, දෙල්කඳ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් හිමි සිය මිතුරෙකු සමග ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශයට පසුගිය 16 වනදා පැමිණි බවයි.

ඒ අනුව, පොලිසිය විසින් ඔහුට නවාතැන් දුන් පුද්ගලයා සහ අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවකු සතුව තිබී ව්‍යාපාරිකයා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, විවිධ බැංකු ගිණුම්වලට බැර කරන ලද මුදල් රිසිට්පත් කිහිපයක් හා ඔහු නුගේගොඩ ප්‍රදේශයට පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබුණා.

පසුව අදාළ ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් පසුගිය 16 වනදා නිවසින් රුපියල් ලක්ෂ 35ක මුදලක් රැගෙන අනතුරුව තවත් රුපියල් ලක්ෂ 10ක මුදලක් තම ගිණුමෙන් ලබාගෙන නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී පිරිසක් තමන් පැහැරගෙන තමන් සතුවූ රුපියල් ලක්ෂ 45ක මුදල කොල්ලකෑ බවයි.

මිරිහාන පොලිසිය දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව පිළිගෙන ඇතැයි සඳහන්.

අනතුරුව සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමෙන් පසුව කොළොන්න පොලිසිය වෙත ඉරදිරිපත් කර තිබුණා.

එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, සිය ව්‍යාපාරවලින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් පාඩුවූ අතර එම පාඩුව පියවා ගැනීම සඳහා තමන් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ණයට ලබාගත් බවත් පසුව එම ණය පියවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බවයි.

ඒ අනුව, තමන් ප්‍රදේශයෙන් වසන්වීමට තීරණය කළ බව ඔහු පොලීසියට පවසා ඇතැයි සඳහන්.

පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ මෙම සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49