spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී සමාව ගනී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකශ කළා.

ඒ, අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.

“මම අවුරුදු 15 දී 16 විතර බයිබලය කියවපු කෙනෙක් විදියට මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත්, ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලා අද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් ම සමාව ඉල්ලා සිටිනවා. මගේ පාලන කාලයේ මගේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?