පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට භාර දී තිබෙනවා.

අමාත්‍ය ටිරාන් අලස් විසින් ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන්ට භාර දී ඇති බවයි වාර්තා වුණේ.