පාසල් ගුරුවරයෙක්ට තියුණු ආයුධයකින් පහරදෙයි – ගුරුවරයා රෝහලේ

වසා දමා ඇති පාළු නිවසකට කාන්තාවන් දෙදෙනෙකු සමග පැමිණි බව කියන පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පිහි ඇනුමකින් තුවාල ලබා ඇති පාසල් ගුරුවරයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසනවා.

තුවාල ලබා ඇති ගුරුවරයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම පිහි ඇනුම සිදු ව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ගිරිඋල්ල, පුස්කොළදෙණිය -තල්ගහමුලවත්ත පදිංචිකරුවෙකු වන දිසානායක ගමගේ ප්‍රියංක සම්පත් තුෂාර 37 හැවිරිදි අයෙක්.

හෙතෙම ගිරිඋල්ල – මුතුගල කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන අයෙකු බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින අය තම හිතවතෙකු සමග නිවසේ සිටින විට යාබද ව පිහිටි තම ඥාතියෙකුට අයත් වසා දමා ඇති නිවසට යතුරුපැදියකින් කිසියම් අයෙකු කාන්තාවන් දෙදෙනෙකු ද සමග පැමිණ තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමසූ විට කාන්තාවන් දෙදෙනා කැටුව ආ පුද්ගලයා තමන්ට උල් ආයුධයකින් පහර දුන් බව රෝහල්ගත කර සිටින ගුරුවරයා පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සිද්ධියේ දී අදාළ ගුරුවරයා විසින් තමන්ට පහර දුන් බව පවසමින් ගිරිඋල්ල – මැද්දේපොල පදිංචි 28 හැවිරිදි අයෙකු ද ගිරිඋල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම අය ද සුළු තුවාල ලබා ඇති බැවින් ප්‍රතිකාර සදහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව ගිරිඋල්ල
පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00