පාසල් ගුරුවරයෙක්ට තියුණු ආයුධයකින් පහරදෙයි – ගුරුවරයා රෝහලේ

වසා දමා ඇති පාළු නිවසකට කාන්තාවන් දෙදෙනෙකු සමග පැමිණි බව කියන පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පිහි ඇනුමකින් තුවාල ලබා ඇති පාසල් ගුරුවරයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසනවා.

තුවාල ලබා ඇති ගුරුවරයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම පිහි ඇනුම සිදු ව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ගිරිඋල්ල, පුස්කොළදෙණිය -තල්ගහමුලවත්ත පදිංචිකරුවෙකු වන දිසානායක ගමගේ ප්‍රියංක සම්පත් තුෂාර 37 හැවිරිදි අයෙක්.

හෙතෙම ගිරිඋල්ල – මුතුගල කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන අයෙකු බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින අය තම හිතවතෙකු සමග නිවසේ සිටින විට යාබද ව පිහිටි තම ඥාතියෙකුට අයත් වසා දමා ඇති නිවසට යතුරුපැදියකින් කිසියම් අයෙකු කාන්තාවන් දෙදෙනෙකු ද සමග පැමිණ තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමසූ විට කාන්තාවන් දෙදෙනා කැටුව ආ පුද්ගලයා තමන්ට උල් ආයුධයකින් පහර දුන් බව රෝහල්ගත කර සිටින ගුරුවරයා පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සිද්ධියේ දී අදාළ ගුරුවරයා විසින් තමන්ට පහර දුන් බව පවසමින් ගිරිඋල්ල – මැද්දේපොල පදිංචි 28 හැවිරිදි අයෙකු ද ගිරිඋල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම අය ද සුළු තුවාල ලබා ඇති බැවින් ප්‍රතිකාර සදහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව ගිරිඋල්ල
පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36