“පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය කෘතිය එළි දැක්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කරන පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුම එළි දැක්වීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී සිදු විය.

මෙහිදී “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුමේ පළමු පිටපත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක විසින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පිළිගන්වන ලදි. එසේම පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායක ගරු සජිත් ප්‍රේමදාසට සහ ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන යන අයට මෙම අවස්ථාවේදී “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය ග්‍රන්ථය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායකගේ මගපෙන්වීම යටතේ “ පාර්ලිමේන්තු සාර සංහිතා ” ශාස්ත්‍රීය සංග්‍රහයට ලිපි ලබාගැනීම පසුගිය වසරේදී සිදු කළේය. එහිදී “ගෝලීයකරණ හා ප්‍රතිගෝලීයකරණ ප්‍රවණතා හමුවේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය” යන ප්‍රධාන තේමාව මත පිහිටමින් සමාජ මාධ්‍ය, ප්‍රජා සහභාගීත්වය හා පාර්ලිමේන්තුව පිළිබඳ ප්‍රජා සංජානනය, ගෝලීයකරණය හා අන්තර්ජාතික සම්බන්ධතා, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය හා ප්‍රජාතන්ත්‍රවාදය, තොරතුරු සමාජය, සන්නිවේදනය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, නව සාමාන්‍යකරණ තත්ත්ව යටතේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනයේ ස්ත්‍රීහු හා තරුණයෝ, දේශපාලන සංස්කෘතිය, සමාජානුයෝජනය, ප්‍රජාතන්ත්‍රවාදය හා අධ්‍යාපනය, පාර්ලිමේන්තු සන්නිවේදනය හා ජාතික භාෂා ප්‍රතිපත්තිය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය හා මාධ්‍ය බලපෑම, අතථ්‍ය මහජන අවකාශය හා ප්‍රජාතන්ත්‍රවාදය යළි සලකා බැලීම සහ ආබාධ සහිත තැනැත්තන්ගේ යහ පැවැත්ම යන අනුතේමා යටතේ ලිපි ලබාගැනීම සිදුවිය.

මෙහි සමාලෝචන මණ්ඩලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජී යෝගරාජා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
“පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුමද ඉදිරියේදී දිවයිනේ පුස්තකාල වෙත සහ අනෙකුත් අවශ්‍ය පාර්ශ්ව වෙත ලබාදීමට නියමිතය.

ඒසේම “පාර්ලිමේන්තු සාර සංහිතා” විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයේ සිව්වැනි වෙළුම සඳහාද ශාස්ත්‍රීය ලිපි කැඳවීම නිල වශයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා විසින් මෙම අවස්ථාවේදී ප්‍රකාශයට පත්කරන ලදි.

ඒ අනුව “පශ්චාත් ගෝලීය තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමානය හා අනාගතය” යන ප්‍රධාන තේමාව ඔස්සේ අනු තේමා 07ක් ඔස්සේ ලිපි කැඳවා තිබේ.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05