පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2022.09.14 එනම් ඊයේ සිදුකල වැටලීමකින් ගල්කිස්ස පොලිස් වසමේ පාපැදි සොරකම් කිරීම් රැසක් සිදුකල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක්වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී මොහු විසින් සොරාගන්නා ලද පැපැදි 09 ක් සොයාගෙන ඇති අතර සැකකරු(15)අද දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1