පාපැදි තරගයක දී හිතාමතා අනතුරක් කළ තරගකරුවෙක් අත්අඩංගුවට

පාපැදි තරගයක් අතර තුර තරගකරුවෙක් තල්ලුකර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තවත් පාපැදි තරගකරුවෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පාපැදි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම යුද හමුදා පාපැදි ක්‍රීඩකයා කොහුවල යුද හමුදා කඳවුරේ රාජකාරියේ නිරත සාමාන්‍ය සෙබළෙක් වන අතර, බරපතළ තුවාල ලබා ඇත්තේ එම යුද හමුදා කඳවුරේම සේවයේ නියතු කෝප්‍රල්වරයෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය 23 වනදා හිරණ – තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමීව පැවති පාපැදි තරගයක් අතර තුර, තරගය අවසන් වීමට මීටර් 100ක් පමණ තිබිය දී තරගයේ යෙදී සිටි සාමාන්‍ය සෙබළා, කෝප්‍රල්වරයාව අතින් තල්ලු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී මාර්ගය ආසන්නයේ සිට තරගය නරඹමින් සිටි අවුරුදු 07ක කුඩා දරුවෙකුගේ ද ගැටී කෝප්‍රල්වරයා පාපැදිය ද සමඟ බිම ඇද වැටී ඇති තිබෙනවා.

මෙම අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ යුද හමුදා පාපැදි ක්‍රීඩකයා සහ දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව පාපැදි ක්‍රීඩකයා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සිද්ධියට සම්බන්ධ සැකකාර යුද හමුදා සාමාන්‍ය සෙබළා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40