පාකිස්තානයේ ස්ථාවරත්වය බිඳ වැටීමේ අවදානමක් ගැන ජාත්‍යන්තරයේ කසුකුසු

පාකිස්තානය මේ වන විට එරට දේශීය ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ල කරන සුළු නොවන, බරපතල ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටින බව ලොව ප්‍රකට ‘දි ඉකොනොමිස්ට්’ (The Economist) වාර්තා කරනවා.

එම විශ්ලේෂණයට අනුව, පාකිස්තානය තුළ මෑත කාලීනව ත්‍රස්තවාදී සහ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම ‘ටෙහ්රීක්-ඒ-තාලිබාන් පාකිස්තාන්’ (TTP) සංවිධානය සහ බලුචිස්තාන නිදහස්කාමී හමුදාව (BLA) විසින් ආරක්ෂක අංශ සහ විදේශීය ආයෝජන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන්හි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනවා.

මෙය රටේ ජාතික ආරක්ෂාවට පමණක් නොව ආර්ථික ප්‍රගතියට ද විශාල බාධාවක් වී ඇති බවයි වාර්තා වන්නේ .

පවතින දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික බිඳවැටීම සහ උද්ධමනය හේතුවෙන් මහජනතාව තුළ පවතින දැඩි නොසන්සුන්තාවය මෙම ආරක්ෂක ගැටලුව තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.

එසේම, දේශසීමා ආශ්‍රිතව පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් අසල්වැසි රටවල් සමඟ පවතින සබඳතාවලට ද මෙයින් බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම බහුපාර්ශවීය අර්බුදයෙන් මිදීම සඳහා පාකිස්තාන රජය සහ මිලිටරි අංශ වහාම ඒකාබද්ධ උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් ‘දි එකොනොමිස්ට්’ සඟරාව අවධාරණය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40