ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ලැබුණු තෑග්ග

පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලැබීය.

ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට දෙවැනි වරටත් අද(10) ගිය විපක්ෂ නායකවරයා මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

මුදල් පරිත්‍යාගවලට අමතරව ප්‍රියන්ත මහතාගේ එක් දරුවකු ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් පරිත්‍යාග කිරීමට ද විපක්ෂනායකවරයා කටයුතු කරනු ලැබීය.

අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව සිදුවන විමර්ශන කටයුතු පිළිබඳව සමගි ජන බලවේගය නිරන්තර අවධානයෙන් සිටින බවද ඔහු එහිදී පැවසීය.

ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද විපක්ෂනායකවරයා එහිදී සහතික විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
138
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?