ප්‍රා ස මන්ත්‍රී දෙමාපියන්ට පහර දෙයි

මාතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසාද් මිලින්ද විසින් ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් සිය මව්පියන්ට අමානුෂික අයුරින් පහරදී ඇති බවට ඔහුගේ බාල සොහොයුරු නිරේෂ් ක්‍රිෂාන්ත පවසයි.

පහර කෑ මව්පියන් මාතර මහ රෝහලේ සහ අහංගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර පහරදීම සිදුවන අවස්ථාව නිරේෂ්ගේ දරුවා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට පැමිණිලි කළද මෙතෙක් ඊට සාධාරණයක් ඉටුව නොමැති බව බාල සොහොයුරු නිරේෂ් චෝදනා කරයි.

කෙසේවෙතත් වැලිගම පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?