ප්‍රවීණයන්ගේ අවසන් ගැටුම අද

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල සහ සචින් තෙන්ඩුල්කාර් මෙහෙයවන ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අතර අද (21) මුම්බායිහිදී පැවැත්වේ.

විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල අවසන් පූර්ව තරගයේදී කඩුලු 8 කින් දකුණු අප්‍රිකානු ‘ලෙජන්ඩ්ස්’ පිල ද, ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අවසන් පූර්ව තරගයේදී ලකුණු 12 කින් බටහිර ඉන්දීය කොදෙව් ‘ලෙජන්ඩ්ස්’ පිල ද, පරාජය කළේය.

ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ කණ්ඩායම් මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හයේදී තරගය බැගින් පරාජය වී තරග පහ බැගින් ජය ලබා තිබේ.

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිලට සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, රොමේෂ් ක`ඵවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු, උපුල් චන්දන, නුවන් කුලසේකර සහ උපුල් තරංග ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක් ඇතුළත්ව සිටිති.

ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිලට සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවැග්, සුවරාජ් සිං, මොහොමඩ් කයිෆ්, ඉර්ෆාන් පතාන් සහ සහීර් ඛාන් ඇතු`ඵ ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක් ක්‍රීඩා කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09