ප්‍රේමයෙන් පැරදුණු පෙම්වතා 17 හැවිරිදි පෙම්වතියට ඇසිඩ් ගහලා

අසල්වැසි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බාපේටා ප්‍රදේශයේ දී තරුණයෙකු විසින් 17 හැවිරිදි දැරියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

අදාළ දැරිය පසුගිය ඉරිදා සංස්කෘතික වැඩසටහනකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණයා සමඟ පැවති ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට 17 හැවිරිදි දැරිය තීරණය කර ඇති අතර, ඒ හේතුවෙන් උරණ වූ තරුණයා මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් දැරියගේ බෙල්ලට සහ උරහිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර ඇය ප්‍රාදේශීය රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය පොලිසිය සඳහන් කළා.

ඇයගේ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසුවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර මෙහර් අලි නැමැති 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40