ප්‍රේක්ෂකයින්ට සාධාරණයක් ඉටු කිරීමට සූදානම් – දසුන් ශානක

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කිරීම මේ මොහොතේ ඉතා වැදගත් බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මේ මොහොතේ පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙනු ඇතියි තමන් විශ්වාස කරන බව දසුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් පත්ව ආ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කිරීම ඉතා පහසු බවත් දසුන් මෙහිදී සඳහන් කළා.

තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් අතර ඇති උනන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් කියා සිටියේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තරගාවලිය තුළ හොඳ තරගයක් ලබාදී සාධාරණයක් ඉටු කිරීමට සූදානමින් සිටින බවයි.

ලසිත් මාලිංග පුහුණුකරුවෙකු ලෙස යළි කණ්ඩායමට එක්වීම මේ මොහොතේ ඉතා වැදගත් බවයි දසුන් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39