ප්‍රමිතියෙන් තොර ලන්ච්ෂීට් කිලෝ 2,210ක් වැටලීමක දී අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරිය සිදුකළ වැටලීමක දී ප්‍රමිතියෙන් තොර පොලිතීන් ලන්ච්ෂීට් (ප්ලාස්ටික් පොලිතීන්වලින් නිෂ්පාදනය කළ ලන්ච්ෂීට්) කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවතවාගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පසුගිය දා වටලා මෙම ලන්ච්ෂීට් තොගය අත්අඩංගුවට ගත් බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

එහිදී ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ප්ලාස්ටික් මගින් සමස්ත සමාජයට ම සිදුවන ව්‍යසනය පිළිබඳ අවධානය යොමුකර නීති විරෝධී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, මෙම නීතිවිරෝධී භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාම් කිරීමෙන් වැළකී නීතිමය ගැටලු ඇතිවීමේ අවධානමෙන් වළකින ලෙසත්, සමාජ වගකීමක් ලෙස සළකා අදාළ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසත්; මෙම සමස්ත ක්‍රියාවලියට සම්බන්ධ වන නිෂ්පාදකයන්ගෙන්, වෙළෙඳ ප්‍රජාවගෙන් සහ සමස්ත පාරිභෝගික ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53