ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක කෝටි 15ක සොරකමක් : කළමනාකරුත් දැලේ

මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන ශාඛාවේ ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කළ නීල් ක්‍රිස්ටෝපර් සොයිසා හා සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවෙකු වන තිකරත්නම් රවිචන්ද්‍රන් හෙවත් “සෙල්ටෙල් රවී” යන දෙදෙනායි.

මේ දෙදෙනා එක් ව එම බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි ව්‍යාපාරිකයින් තිදෙනකුගේ මුදල් ද වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

මෙලෙස මාස හයකට ආසන්න කාලයක් අදාල කළමනාකරු සහ සෙල්ටෙල් රවී යන දෙදෙනා එක් ව වරින් වර ගිණුම් හිමියන් ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි මෙතෙක් කරන ලද හරි පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මේ පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලබන 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01