ප්‍රතිජීවක ඖෂධ ගැන අනතුරු ඇඟවීමක්

පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී අප රටේ ජනතාවට
ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේන් ප්‍රතිපලයක් නොලැබෙනු ඇති බව පශු ඖෂධ නියාමණ අධිකාරිය අනතුරු අඟවනවා.

ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි පශු ඖෂධ නියාමණ අධිකාරිය පෙන්වා දෙන්නේ.

බොහෝ විට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මඟින් ඔවුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බව පශු ඖෂධ නියාමණ අධිකාරිය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව හෙවත් Antibiotic Resistance තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධවල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී යන බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා බවයි පශු ඖෂධ නියාමණ අධිකාරිය අවධාරණය කළේ.

මෙම කාරණය සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඇතැම් පශු ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අප රට තුළ ම නිපදවා ගත හැකි පහසුකම් තිබියදීත් ඒවා ආනයනය කිරීම මගින් විශාල මුදලක් විදේශවලට ඇදී යාම වළක්වා ගැනීමට පියවර ගත යුතු බවත් දැනට අප රටේ තිබෙන එම කර්මාන්ත 30ක් පමණ තිබෙන අතර එමගින් එම ද්‍රව්‍ය නිපදවීමට පියවර ගැනීම සඳහා එම කර්මාන්තශාලා හිමියන් සමඟ සාකච්ඡා කිරීමට ද තීරණය කර තිබෙනවා.

දැනට වෙළෙඳ පොළේ තිබෙන සත්ව සනීපාරක්ෂක ද්‍රව්‍යවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා වැඩ පිළිවෙළක් සැකසීමටත්, ඇතැම් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින නිසා එම මිල ගණන් සාධාරණ ද යන්න සොයා බලන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර පශු ඖෂධ නියාමණ අධිකාරියට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින පශු ඖෂධ නියාමණ අධිකාරිය හා එම පනත බලාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40