spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථීර නොවූවන් ස්ථීර කරනවා – අගමැති

පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; අද පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ තුන්වැනි දින විවාදයට එක්වෙමින්.

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

භාණ්ඩාගරයේ දැනුම්දීම මත ඉදිරි පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී අද දිනයේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?