spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට වැස්සෙන් බාධා

සංචාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ගාල්ල ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තරගය අද දිනට ආරම්භ කිරීමට බාධා එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිට ක්‍රීඩාංගණය ආවරණයකර තිබූ වැසි ආවරණ ඉවත්කරමින් සිටින බවයි ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිමා ක්‍රීඩා කරමින් සිටින පාකිස්ථාන කණ්ඩායම ඊයේ (17) දිනට තරගය නතරකරන විට කඩුලු 05ක් දැවී ලකුණු 221ක් රැස් කරගෙන සිටියා.

ඒ, ශ්‍රී ලංකා පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු 312 පිළිතුරු වශයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?